සිතිවිල්ලකින් එහා....
ගලා හැලෙන නිමක් නොවන සිතිවිලි ලොකයට පුංචි ඉඩ හසරක්
Saturday, March 23, 2013
Saturday, September 1, 2012
අසහනයෙන් මිදෙන මඟ
අසහනයෙන් මිදෙන මඟ
මිනිස් සිත තුළින් තෘප්තිමත්බව, සන්සුන්බව, සාමය, සතුට, පිරිසුදුබව
ඉවත්ව ගිය කල ජනිතවන මනෝභාවයකි අසහනය. සිතෙහි හටගෙන එහිම පවතිමින් සිට
අවසන්වන අසහනය, තේරුම් නොගත් පුද්ගලයා වටපිටා සමාජයට තමන් රිසි
වෙනත් දෙයකට දොස් පවරමින් අසහනයම තව තවත් තුරුළු කර ගනියි. සිතෙහි ජනිතවන
අසහනය එක් එක් පුද්ගලයාගේ මානසික මට්ටම හා ශක්තිමත් බව අනුව අඩු වැඩි
වශයෙන් පවතින බව පෙනේ. ලෞකික ජීවිතය පුරා පවතින අසහනය සම්පූර්ණයෙන්ම
ඉවත්වන්නේ නිවනට පත්වූ අවස්ථාවේදීය. එතෙක් කුමන ආකාරයේ හෝ අසහනයක් මනස තුළ
රැඳී පවතී. මානසික අසහනය උත්සන්නවූ කල එය රෝගයක් බවට පත්ව ඉතා දරුණු
ප‍්‍රතිඵල අත්පත් කර දෙනු ඇත. එබැවින් මනස තුළ පහළවන හැඟීම්වලින් මුලාවට
පත්නොවී, මැනවින් අධ්‍යයනය කර ශාන්තබව, සහනය, සන්සුන්බව හා තෘප්තිමත්බව
ළඟාකර ගැනීම සඳහා ‘මනා ලෙස’ පුහුණු විය යුතුය. පිරිසිදු ශක්තිමත් මනසක් ඇති
කර ගත යුතුය.ලෝභ, දෝෂ, මෝහ යන ධර්මතාවලින් යුත් ලෞකික මිනිසාගේ සිත
නිරන්තරයෙන්ම අසහනයෙන් පෙළෙයි. එවැනි පරිසරයක් තුළ පෘථග්ජන මිනිසා මෙලොව
ඇති ඉහළම සැප සම්පත් විඳීමට කැමැත්ත දක්වයි. එබැවින් එම සැප සම්පත්
පහසුවෙන් ලබාගැනීම සඳහා සමාජයේ විශාල පිරිසක් ධාර්මික මගට වඩා අධාර්මික මග
අනුගමනය කරන්නාහ. තත්ත්වය එසේ වුවත්, ලද පමණින් සතුටට පත්වූ ධාර්මික සරල
දිවි පැවැත්ම, උතුම් බෝධිසත්ව ගුණාංගයක් බව, අවබෝධ කර නොගැනීම අභාග්‍යයට
හේතුවනු පෙනේ. ලද පමණින් සතුටට පත්වී සරල දිවි පැවැත්මේ ඇති වැදගත්කම ගැන,
බුදුපියාණන්වහන්සේ නිරතුරුවම දේශනා කළා පමණක් නොව, ප‍්‍රායෝගික ජීවිතයෙදී
එම ප‍්‍රතිපත්ති, අකුරටම පිළිපදිමින් සමස්ත ලෝකයටම ආදර්ශමත්වූ සේක. මේ
උතුම් බුදු ඔවදන මගහැර, ලද දෙයින් සතුටුවීමට ඇති අකැමැත්ත මිනිස් සමාජය
තුළ, අසහනය වර්ධනය කරවයි. එසේ අසහනයෙන් පෙළෙන සමහරුන්, තමා වෙත නැති සම්පත්
පහසුවෙන් ළඟා කර ගැනීම සඳහා නොයෙකුත් දූෂණ, වංචා හොර මැරකම් මනුෂ්‍ය ඝාතන
ආදියේ යෙදී, මුළු ජීවිත කාලය දුක් විඳින අන්දම අසන්නට ලැබේ. උට්ඨාන
වීර්යයෙන් වැඩ කිරීම, අල්පේච්ඡතාව, සිතට සතුට ගෙනෙන අතර අසහනය පළවා හරී.
ඔහු ලොව ජයග‍්‍රාහකයෙක් වේ.සමහර පුද්ගලයෝ, තම ජාතිය, කුලය, ආගම, භාෂාව, වත්
;පාහොසත්කම්, රූ ලක්‍ෂණ, තරාතිරම ආදී නොයෙකුත් දේ, වෙනත් කෙනෙකුට
සාපේක්ෂකව බලමින්, තමන්ගේ දෙය අව තක්සේරුවට ලක් කිරීමට පුරුදුව සිටිති. මේ
අසහනය ඉතා ඕනෑකමින්, තම හිසට රුවා ගැනීමකි. මේ ඉතා භයානක ප‍්‍රතිඵල ලබා
දෙන්නකි’ නුවණැති පුද්ගලයා කළ යුත්තේ තමන්ට ලැබී ඇති දේවලින් සෑහීමට පත්ව,
ඒවා අගය කරමින්, ධනාත්මක ආකල්ප ඔස්සේ තම ජීවිතය ආලෝකමත් කර ගැනීමයි. ඊට
ප‍්‍රතිවිරුද්ධව තමන්ගේ දෙය අව තක්සේරු කර, සෑහීමට පත් නොවන්නා,
නොදැනුවත්වම පරිහානියට පත්වේ.මිනිසා භෞතිත වශයෙන් වර්තමානයේ ජීවත්වූවත්, සිතිවිලි ධාරා තුළින් එක්කෝ අතීතය සමගය. නැත්නම් අනාගතය සමගය. අතීතයේවූ තම පොහොසත්කම්, රූමත්කම, ශක්තිමත්බව ආදී විවිධ කරුණු මෙනෙහි කරමින්, වර්තමානයේ ඇති අඩුපාඩු සමග ගළපාලමින්, තමන්ට අහිමිවූ දේ ගැන සිත සිතා අසහනය තුරුළු කර ගනියි. ජීවිතය ආලෝකවත් කර ගැනීමට සියලු දෙනාටම අනාගත සැලසුම් අවශ්‍යයි. නමුත් එම සැලසුම් සම්පාදනය අසහනයක් ගෙන නොදෙන අන්දමට පිළියෙළ විය යුතුය. ලෝකය දිනෙන් දින වසරින් වසර ඉතා ශීඝ‍්‍ර වෙනස්වීම්වලට භාජනය වන බැවිනි. අප සිතන දේ සිතූ ආකාරයට සිදුනොවීමත්, නොසිතු දේ සිදුවීමත් ගැන අවබෝධයෙන් කි‍්‍රයා කළ යුතු වේ. එවැනි බලාපොරොත්තු කඩවීම, හා නොසිතන ලද අන්දමේ ගැටළු මතුවීම, මිනිස් සිතට අසහනය ගෙන දෙන බැවින් ඉතා පරීක්‍ෂාකාරීවීම යෝග්‍යය.මෙලොව උපන් මිනිසා කැමතිවුවද, අකමැතිවුවද අටලෝ දහමට අනිවාර්යයෙන්ම මුහුණදීමට සිදුවේ. ලාබ අලාබ අයස යස නින්දා ප‍්‍රශංසා හා සැප දුක් එකසෙ පිළිගත යුතුය. මිනිසා ඊට අනුකූලව හැඩගැසීම අවශ්‍ය වන අතර, එය තේරුම් නොගත් හැමවිටම අසහනය සිතු තුළට කා වදිනු ඇත. ලාබය, යසස ප‍්‍රශංසා හා සැප යන මානව හිතකාමී ධර්මතාවයන්, පිළිගැනීමට කැමති වන අතර අලාබ, අයස, නින්දා හා දුක යන කටුක ධර්මතාව තරයේ ප‍්‍රතික්‍ෂේප කරයි. ඊට සමගාමීව සුබවාදී ධර්මතාවලට පමණක් මුහුණදෙන මිනිසුන් මෙන්ම අසුබවාදී ධර්මතාවලට පමණක් මුහුණදෙන මිනිසුන් ලොව නොමැත. මේ ගැන බුදුරජාණන්වහන්සේ දේශනා කළා පමණක් නොව, ප‍්‍රායෝගිකව ඊට මුහුණ දුන් සේක.මීට අමතරව “අලි මදිවට හරක් කීවාසේ” මෙරට විද්‍යුත් මාධ්‍යයේ රූපවාහිනී නාලිකා තුළින්, මිනිස් සිත අසහනයට යොමු කරවන්නේ ඉතාම ශෝචනීය ආකාරයෙනි. දවස තිස්සේම මෙරට සමහර රූපවාහිනී නාලිකා ඔස්සේ ප‍්‍රදර්ශනය කරවනු ලබන, කාමුක හැඟීම් අවුස්සන, පහත් පෙළේ වෙළඳ දැන්වීම් හා කසිකබල් චිත‍්‍රපට තුළින් අසරණ නොකැළැල් තරුණ සිත් අසහනයට පත් නොවන්නේද? ඊට සමගාමීව නා නා අන්දමේ රසවත් ආහාරවලින් පිරි කෑම මේසයක් වටා රැස්වූ පියාත්, මවත් තම දරුවන් සමග රස කරමින්, ඒවා භුක්ති විඳින අන්දම ප‍්‍රදර්ශනය කරන වෙළඳ දැන්වීම් ප‍්‍රචාරය වේ. ගම්බද සාමාන්‍ය ගෙදරක කෑම මේසයක් මෙසේ විය හැකිද? දවස් කීපයකට වරක්වත් කුස පුරා බත් කටක් තම දරුවන්ට ලබාදිය නොහැකිව ලතවන දස දහස් ගණන් මවුපියන් මේ දැන්වීම් තුළින්, අසහනයට පත්නොවනවා ඇතැයි සිතිය හැකිද? එලෙසම එම වෙළෙඳ දැන්වීම මගින් ප‍්‍රදර්ශනය කරන අන්දමේ ආහාර වේලක් ලැබීමට තරම් ආර්ථික ශක්තියක් නැති අසරණ කුඩා දරුවන්ගේ සිත් සතන් තුළ අසහනය රෝපණය නොවන්නේද? මීට අමතරව, මිනිස් සිත් සතන් තුළ අසහනය ජනිත කරවන, විවිධ මාදිලියේ වෙළඳ දැන්වීම්, රූපවාහිනී නාලිකා ඔස්සේ ප‍්‍රචාරය වන බවද පෙනේ. රටේ අස්සක් මුල්ලක් නොහැර අද නා නා මාදිලියේ විලාසිතාවන් බිහිවන බව පෙනේ. මෙම විලාසිතා තමන්ට ලබා ගැනීමට තරම් ආර්ථික ශක්තියක් නැති අය තුළ ජනිත වන අසහනය සුළුපටු වන්නේද?අසහනයෙන් සමාජය මුදවා ගැනීම සඳහා විවිධ සමිති සමාගම් තුළින් ගන්නා කි‍්‍රයා මාර්ග කොතෙක් දුරට සාර්ථකවී තිබේද යන්න ප‍්‍රශ්නයකි. කෙසේ වෙතත් අසහනයෙන් මිදීම සඳහා හොඳම මග බුදු දහමයි. එහි පෙන්වා දෙන ප‍්‍රතිපත්ති සුරකිමින් සිත, කය, වචනය මනාව හික්මවා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙ ගමන් කිරීමයි. මෙය මැනවින් වටහාගත් බටහිර ජාතික උගත් බුද්ධිමත්තු වර්තමානයේ බුදු දහම වැළඳගනිමින් අසහනය දුරුකර ගනිති. අපේ රටේ සමාජයෙන් බහුතරයට අසහනය, ඊට හේතු ඉන් මිදී ජීවිතය සැපවත් කර ගන්නා අන්දම ආදිය පිළිබඳව දැනුවත්කමක් නැති බව පෙනේ. කරුණු මෙසේ වන අතර අසහනයෙන් තොරව ප‍්‍රීතිමත්ව හා සැපවත්ව ජීවිත ගතකිරීමට බුදුදහම තුළින් පෙන්වා දෙන මග අපේ සමාජයට අවබෝධ කර පහදාදීම මහා සංඝරත්නයට කළ හැකි වේ.
ධර්මාවබෝධයට සුදුසු යොවුන් විය
ධර්මාවබෝධයට සුදුසු යොවුන් විය
විශේෂයෙන් ම වර්තමානයේ ගත්තොත් බණ භාවනා සම්බන්ධයෙන් තරුණ පිරිස්වල
නැඹුරුවක් දකින්නට තියෙනවා. ඇත්තෙන්ම තරුණ පිරිසට ඕනෑකම තියෙනවා තමන්ගේ
යෞවනය තමන්ගේ තාරුණ්‍ය පාදක කර ගෙන යම් කිසි සුවිශේෂී අධ්‍යාත්මික
අත්දැකීමක් ලබන්න. මෙන්න මේ උදෙසා අධ්‍යාත්මික නායකත්වයක් තරුණ පිරිසට
අවශ්‍ය වෙලා තියෙනවා.විශේෂයෙන්ම අපි ගත්තොත් තරුණ වයස කියන්නෙ බොහෝ විට
අධ්‍යාත්මික නායකත්වයක් ඔස්සේ ලෝකය දිහා බලන වයසක් නොවෙයි. විශේෂයෙන් ම
තරුණ අවධිය කැප වෙලා තියෙන්නෙ ඉන්ද්‍රියන් පිනවීමටයි. ඒ නිසා සාමාන්‍යයෙන්
වර්තමාන තරුණ පරපුර හිතන්නේ රූපවාහිනියකට, සංගීත සංදර්ශනයකට, සමාජ ශාලාවකට,
සුපිරි වෙළඳ සැලකට මනුෂ්‍ය ජීවිතයක් සැපවත් කරන්න පුළුවන් කියලයි. නමුත්
වර්තමානයේ අපට පේනවා තරුණ පිරිස ඒ මිත්‍යා මානසිකත්වයෙන් මිදිල අධ්‍යාත්මික
නායකත්වයක් අපේක්ෂා කරන බව. ඒ නිසයි ඔවුන් දැන් දැන් වේගයෙන් ධර්මය කරා
ඇදීමේ ප‍්‍රවනතාවයක් දකින්න තියෙන්නෙ.ඇත්තෙන් ම මේ තරුණ පිරිස තුළ තිබෙනවා
ඉන්ද්‍රියයන් පිනවීම විනිවිද ජීවිතය දිහා බලන්න පුළුවන් මානසික කුසලතාවයක්.
අන්න ඒ කාරණය සම්බන්ධයෙන් තරුණ පිරිස දැනුවත් වෙන්නට ඕනෑ.බුදුරජාණන්
වහන්සේ තමයි ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීම පිණිස කි‍්‍රයාකළ යුතු ආකාරය
පෙන්වල දුන්නෙ. ලෞකික ජීවිතයක් මුල් කරගෙන මනුෂ්‍යයා අධාර්මික වීම,
විකෘතියට පත්වීම, නො මඟ යෑම නම් බුදුරජාණන් වහන්සේ ප‍්‍රතික්ෂේප කෙරුවා.
උන්වහන්සේ නිරන්තරයෙන්ම ගිහි ශ‍්‍රාවකයන්ට පෙන්වල දුන්නේ තමාටත් අන් අයටත්
කරදරයක් ඇති නොවන ආකාරයට ලෞකික ජීවිතය හසුරුවාගන්නා ආකාරයයි.ඇත්තෙන්ම ලෞකික ජීවිතයක් ගත කිරීම ධර්මයේ හැසිරීමට බාධාවක් නොවෙයි. බුදුරජාණන් වහන්සේ ගිහි ශ‍්‍රාවකයන්ට නිරන්තරයෙන් ම අනුශාසනා කළේ අනාගාමී තත්වය දක්වා ම ගිහි ජීවිතය තුළ ධර්ම මාර්ගය දියුණු කිරිමට මහන්සි ගන්න කියලයි. උන්වහන්සෙ වදාළා ගිහි ජීවිතය තුළ දී දෙමව්පියන්ට දරුවෙක් ලැබුණට පස්සෙ ඒ දරුව පුතෙක් නම් ඒ පුතාට කියන්න කිව්ව “මගෙ පුතා, ඔයා චිත්ත ගෘහපති වගේ කෙනෙක් වෙන්න ඕනෑ. හත්ථාලවකපුත්ත සිටුතුමා වගේ අනාගාමී ගිහි ශ‍්‍රාවකයෙක් වෙන්න මහන්සි ගන්න ඕන” කියල. දුවෙක් ලැබුණොත් ඒ දුවට කියන්න කිව්ව “මගෙ දුව, ඔයා බුජ්ජුත්තරා වගේ කෙනෙක් වෙන්න ඕනෑ. වේලුකන්ඨකී ගමේ හිටපු නන්ද මාතාව වගේ අනාගාමී ගිහි ශ‍්‍රාවිකාවක් වෙන්න ඕනෑ.” කියල. ඔන්න බුදුරජාණන් වහන්සේ ලෞකික ජීවිත ගතකරන ගිහි ශ‍්‍රාවකයන්ට දීපු අවවාද. ඒ නිසා ධර්මයේ හැසිරීමෙන් ලෞකික ජීවිතයට බාධාවක් වෙනව කියන්නෙ කොහොමද?බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය අවබෝධ කර ගැනීමට වයස් භේදයක් තියෙනවා ද?ධර්මයට අනුකූලව තමන්ගේ චින්තනය මෙහෙයවන්න පුළුවන් ඕනෑ ම කෙනෙකුට ධර්මය අවබෝධ කර ගන්න පුළුවන්. ඒකට වයස් භේදයක් නැහැ. බුදුරජාණන් වහන්සෙ ගෙ කාලෙ අවුරුදු හතේ කුඩා දරුවන් පවා රහතන් වහන්සේලා බවට පත් වෙලා තියෙනවා. හැබැයි “අපිට වැඩ තියෙනවා. දැන් ම බැහැ.” කියල වයසට යනකල් හිටියොත් නම් එයාට ධර්මය දකින්න තියෙන අවස්ථාව අහිමි වෙලා යන්න තියෙන ඉඩ කඩ වැඩියි.
අපට පේනවා බොහෝ දෙනෙක් තරුණ වයසේදී ගෙවල් දොරවල් වෙනුවෙන් රැකීරක්ෂා වෙනුවෙන් අඹුදරුවන් වෙනුවෙන් මුළු ජීවිතය කාලයම වෙහෙස මහන්සි වෙලා අන්තිමට කායික වශයෙනුත් මානසික වශයෙනුත් දුර්වල වෙලා අසරණ වුණාට පස්සෙ තමයි ධර්මයේ හැසිරෙන්න හිතන්නෙ. නුමුත් ඒ වෙන කොට ඔවුන්ට ධර්මයේ හැසිරෙන්න තරම් මානසික ජවයකුත් නැහැ. කායික ජවයකුත් නැහැ. බොහෝ විට අපට නම් පෙනෙන්නේ වයසට යද්දී පරලොව පිළිබඳ බයකින් විහාරස්ථානවලට ඇදෙනව මිසක් ජීවිතය අවබෝධ කර ගැනීමේ අදහසින් ධර්මය කරා යන බව නම් නොවෙයි. ඒ නිසා වයසට ගිහින් ධර්මයේ හැසිරෙන්නට සිතීම ප‍්‍රතිඵල ලැබීමට බාධාවක් වෙලා තියෙනවා.නමුත් යොවුන් වයසේ දී ම තරුණ දුවෙක් හරි තරුණ පුතෙක් හරි ධර්මය කරා පැමිණිලා ධර්මානුකූලව ජීවිතය ගොඩ නගා ගන්න දක්ෂ වුණොත් අර වැඩිහිටියන්ට වඩා වේගයෙන් ධර්මය කරා යන්න පුළුවන්කම තියෙනවා. නමුත් යොවුන් වයසේ දී ම තරුණ දුවෙක් හරි තරුණ පුතෙක් හරි ධර්මය කරා පැමිණිලා ධර්මානුකූලව ජීවිතය ගොඩ නගා ගන්න දක්ෂ වුණොත් අර වැඩිහිටියන්ට වඩා වේගයෙන් ධර්මය කරා යන්න පුළුවන්කම තියෙනවා.ඇත්තෙන්ම මේ ලෝකයට සිල්වත් මව්පියන් ගුණවන්ත මව්පියන් අවශ්‍ය නම් බුද්ධිමත් ප‍්‍රඥාවන්ත මව්පියන් අවශ්‍ය නම් රටට වැඩදායක ළමා පරපුරක් අවශ්‍ය නම් තරුණ වයසේ දීම බුදුරජාණන් වහන්සේගේ ධර්මය කරා එන්නට ම ඕන.
Thursday, August 2, 2012
පෙම් කවක් ලිවු නුබ සිත් අහසේ
එය මකා දමා ගිය හෑටි රහසේ
නුබ මෙතෙක් රෑදී උන් මා මනසේ
පෙම් පුරා වතක්.. නිමා කරන්නද මා කෙලෙසේ....
නුබ යන්නම යන්නම යනවානම්
මට ඉන්න කියන්නට බෑනේ ඉතින්...
යලි එන්නම එන්නම හිතුනේනම්
නුබ එන්න එපා මගේ හිත තහනම්...
හුරතලෙන් දෑවටිලා මගේ ලගින්
දුන් සතුට එපමනද මට පවසන්...
සද එලිය පොලොවටයි හිමි වූයේ
සද අහසේ රෑදුනාට රත්තරනේ...
Thursday, July 26, 2012
සිහිනය සුන්දරයි සීහිනයක් වු විට
එය සෑබෑවක් වු දාට
ඒ සුන්දර බව එහි තියේවිද
හරියට ආදරය ඒ වගේ
ආදරය හිමි වුනදාට එ ලස්සන
එ තුල දකිවිද
අනේ මන්දා.....
මම ආසයි හීන දකින්න
කවදාවත් සෑබෑනොවන හීන
සෑබෑ වුනොත් අනේ මට එපා වෙයිද
මගේ හිත එහෙම කියනවා
ඉතින් මම ආදරෙයි මම දකින හිනයට
එ හිනේ ඉන්නේ ඔබ විතරක් නිසා
මම මහ මොඩ කෙල්ලෙක්
ඔබ සීතාවි නේද
ඈත්ත.....
දේ අත් පටලාවාගෙන එහේ මෙහේ ඈවිදින
චාටු බස් කියා උසුලු විසුලු කරන
ආදරයක් මට එපා කවදාවත් ම
ඈත්තමයි.....
හිතක් ඈතුලේ හන්ගගෙන ඉන්න
කියන්න බෑරිව ලතවෙන
එ ආදරයට මන් ආදරෙයි
වෙලාවකට මට හිතෙනවා ඔබට කියන්න
අපි හොරෙන් ආදරේ කරමුද
කාටවත් කවමදාවත් නොදෑනෙන්න
එත් ඔබ මට බනිවි..ගොඩක්
මට කතා නොකරාවි අයෙත්
ඉතින් මට බයයි,ඔබව මට නෑතිවෙයි කියලා
ආදරේ සුන්දර හිමි නොවන විට කියල මට හිතෙනවා
මගේ හිනයට ජිවය දෙන්න ඔබ එනවානමි
මියෑදුනු හිතට ජිවය දෙන්න මම එන්නමී
එ සෑබවක් නොවන හිනය තුලින් පමනක්....
එය සෑබෑවක් වු දාට
ඒ සුන්දර බව එහි තියේවිද
හරියට ආදරය ඒ වගේ
ආදරය හිමි වුනදාට එ ලස්සන
එ තුල දකිවිද
අනේ මන්දා.....
මම ආසයි හීන දකින්න
කවදාවත් සෑබෑනොවන හීන
සෑබෑ වුනොත් අනේ මට එපා වෙයිද
මගේ හිත එහෙම කියනවා
ඉතින් මම ආදරෙයි මම දකින හිනයට
එ හිනේ ඉන්නේ ඔබ විතරක් නිසා
මම මහ මොඩ කෙල්ලෙක්
ඔබ සීතාවි නේද
ඈත්ත.....
දේ අත් පටලාවාගෙන එහේ මෙහේ ඈවිදින
චාටු බස් කියා උසුලු විසුලු කරන
ආදරයක් මට එපා කවදාවත් ම
ඈත්තමයි.....
හිතක් ඈතුලේ හන්ගගෙන ඉන්න
කියන්න බෑරිව ලතවෙන
එ ආදරයට මන් ආදරෙයි
වෙලාවකට මට හිතෙනවා ඔබට කියන්න
අපි හොරෙන් ආදරේ කරමුද
කාටවත් කවමදාවත් නොදෑනෙන්න
එත් ඔබ මට බනිවි..ගොඩක්
මට කතා නොකරාවි අයෙත්
ඉතින් මට බයයි,ඔබව මට නෑතිවෙයි කියලා
ආදරේ සුන්දර හිමි නොවන විට කියල මට හිතෙනවා
මගේ හිනයට ජිවය දෙන්න ඔබ එනවානමි
මියෑදුනු හිතට ජිවය දෙන්න මම එන්නමී
එ සෑබවක් නොවන හිනය තුලින් පමනක්....
Subscribe to:
Posts (Atom)


