Thursday, July 26, 2012

 නුබ ගෑන...

සිත් අහසේ දිලෙන පුන්චි තනි තරුවේ
එපා තරවටුකමි නුබේ ඔය සිත්මඩලට
දරදඩු වෙන්න බෑ ඔය හිත
මා දන්නා තරමට....
හොරෙක් වෙලා ආසයි එන්නට
ඔය හිත් පොඩිය ඈතුලට
ආදරේ විතරක්ම
ඔය හිතින් අරන් යන්න
 ඔබට.........

සිහිනයක් මියෑදෙන්න
එපා ඉඩ දෙන්න
ඔය අහින්සක හීතට
ලන් වෙන්න ඉඩදෙන්න
හෑමදාම ලග ඉන්න

සත්තමයි ඔබ නමි මට
මහාමෙරක් වු වග
අහිමි වේ යෑයි සිතන විට
මගේ හද රිදුම් දෙන
රහසින් ඈවිත් යන්න
ඉඩ දෙන්න පුලුවන්ද
ඔබේ  මියෑදුනු සිත්මඩල පාමුලට
සිහිනය සුන්දරයි සීහිනයක් වු විට
එය සෑබෑවක් වු දාට
ඒ සුන්දර බව එහි තියේවිද
හරියට ආදරය ඒ වගේ
ආදරය හිමි වුනදාට එ ලස්සන
එ තුල දකිවිද
අනේ මන්දා.....
මම ආසයි හීන දකින්න
කවදාවත් සෑබෑනොවන හීන
සෑබෑ වුනොත් අනේ මට එපා වෙයිද
මගේ හිත එහෙම කියනවා
ඉතින් මම ආදරෙයි මම දකින හිනයට
එ හිනේ ඉන්නේ ඔබ විතරක් නිසා
මම මහ මොඩ කෙල්ලෙක්
ඔබ සීතාවි නේද
ඈත්ත.....
දේ අත් පටලාවාගෙන එහේ මෙහේ ඈවිදින
චාටු බස් කියා උසුලු විසුලු කරන
ආදරයක් මට එපා කවදාවත් ම
ඈත්තමයි.....
හිතක් ඈතුලේ හන්ගගෙන ඉන්න
කියන්න බෑරිව ලතවෙන
එ ආදරයට මන් ආදරෙයි
වෙලාවකට මට හිතෙනවා ඔබට කියන්න
අපි හොරෙන් ආදරේ කරමුද
කාටවත් කවමදාවත් නොදෑනෙන්න
එත් ඔබ මට බනිවි..ගොඩක්
මට කතා නොකරාවි අයෙත්
ඉතින් මට බයයි,ඔබව මට නෑතිවෙයි කියලා
ආදරේ සුන්දර හිමි නොවන විට කියල මට හිතෙනවා
මගේ හිනයට ජිවය දෙන්න ඔබ එනවානමි
මියෑදුනු හිතට ජිවය දෙන්න මම එන්නමී
එ සෑබවක් නොවන හිනය තුලින් පමනක්....
 ඔබට.........

සිහිනයක් මියෑදෙන්න
එපා ඉඩ දෙන්න
ඔය අහින්සක හීතට
ලන් වෙන්න ඉඩදෙන්න
හෑමදාම ලග ඉන්න

සත්තමයි ඔබ නමි මට
මහාමෙරක් වු වග
අහිමි වේ යෑයි සිතන විට
මගේ හද රිදුම් දෙන
රහසින් ඈවිත් යන්න
ඉඩ දෙන්න පුලුවන්ද
ඔබේ  මියෑදුනු සිත්මඩල පාමුලට

Tuesday, July 24, 2012

 මට ආදරේද...

ඈස් දෙකට නින්දක් නොදි
මම මග බලා හිටියේ
නුබ මට කතාකරන කම් හෑමදාමත්
රාත්‍රියේ නුබ මා ලග බව මට දෑනුනා
ඒ නුබේ සුසුම්න් නුබේ උනුසුම දෑනෙද්දි
මම හෑමදාමත් බලාගෙන හිටියා
නුබ මගේ ලගට එනකල්

මට ආදරේද.... ගොඩාක් ගොඩා..ක්
හෑමදාමත් ඔබ අහනවා
මට ඔනා උනා හෑමදාමත් මම නුබට ආදරෙයි කියලා කියන්න
එත්....
නුබ ගෑන හිතන්න මම බය උනා
ඈත් වෙලා ඉන්න හෑදුවත් මම ඔබ ලග නෑවතුනා
මොහොතකට නෙමෙයි හෑමදාටම
දෙසවන් මත පතිතවන නුබේ ඔය සුසුම් හඩට
නුබේ ලය මත සෑතපිගෙන ඉන්නට
නුබේ තුරුලේ උනුසුම විදිමින්
රාත්‍රිය පහන් වන තුරු
වදනින් දොඩමලුව  උන්නා
හිරු නෑග දවස උදාවෙද්දි හේතුවක් නෑතත්
මම නුබට කතා කලා හෑමදාමත්
හේතුවක් ලෑබුනා
ඒ මම නුබට ආදරෙයි කියන දේ විතරයි
නොදුටු රුව ඔබේ මා සිත ඈදුනා
අනන්තයක් තරමි ආදරයක් මට දෑනුනා
මමත් එ ආදර වෑස්සට තෙම් තෙම් හිට්යා
දන්නවද?......
ඔබ ටිකක් නපුරුයි මම ඔබට කිව්වා..
ඔව් මම නපුරුයි ඈයි මොකද? ඔබ හෑමදාමත් කියනවා
මම ගොඩාක් ආදරය කලා එ නපුරු කමට
ඔබ බෑන්නාම මම ඈස් රතුවෙන තුරු අඩනවා
එත් මම ආදරෙයි වෙනදාටත් වෑඩිය
දවසක අපි අපේ වෙලා අපේ ලොවකට පිය නොනෑගුවත්
ආදරේ හිතට තද කරගෙන,
මම මගේ හිතත් රවටිටගෙන
ආසාවෙන් බලාගෙන ඉන්න පුලුවන්
 ලස්සන හිනයක් වගේ මට දෑනෙනවා
ජිවිතේ පුරාවට ඔබේ ලග ඉන්න
හින දකින්න අවසර නෑතත් මට
ඔබේ ඔය හිතට ලන් වෙලා
ආදරේ ලබන්න මම හෑමදාමත් බලගෙන ඉන්නවා....
 නුඹ ලස්සන හීනයක්..........

නිදි වරන නෙතු මතට
තාමත්
නුඹ ලස්සන හීනයක්............

ඉටු නොවෙන බව දැන දැනත්
ආසාවෙන් බලාගෙන ඉන්න පුලුවන්
ලස්සන හීනයක්........

දෑඟිලි පටලගෙන පියනොමැන්නත්
ලැමදට තුරුල් වෙලා නොහිටියත්
ආසවෙන් බලාගෙන ඉන්නපුලුවන්
ලස්සන හීනයක්.........

ආදරේ හිතයට තදකරගෙන
මුලු ලෝකෙම රවට්ටල මාවත් රවට්ටන
නුඹේ අහින්සක හිත
වැටකඩුලු වලින් රින්ගල
මේ හිතලඟ තනිවෙන්න හදද්දි
නොතේරුනා වගේ හිටියත්
ආසාවෙන් බලාගෙන ඉන්න පුලුවන්
ලස්සන හීනයක්

නුඹේ අහින්සක ඇස් දෙකට වහන් වෙලා
නුඹේ හිතට ලන්වෙන්න පුලුවන්නම්
ජීවිතේ පුරාවටම නුඹේ වෙන්න
හීන දකින්න අවසර නෑ මට

ඒත් නුඹ ලස්සන හීනයක්
නිදි වරන මගේ නෙතු මතට
තාමත්
නුඹ ලස්සන හීනයක්..........
නුඹ කියාදුන් ජීවිතය
විඳින්නට අවැසි නම්
නුඹ තුරුලේ උණුසුම විඳිමින්
වදනකුදු නොදොඩා
දෙනෙතින් දොඩමලු වෙමින්
රාත්‍රිය පහන් වන තුරු
තරු නිදන තුරු
සඳු මියෙන තුරු
හිරු නැගෙන තුරු
හෝරා කීපයක් හෝ..........................

දෑඟිලි පටලාගෙන
නුඹේ ලය මත සැතපීගෙන
දෙසවන් මත පතිතවන
නුඹේ සුසුම් පොදක හඬට
රාත්‍රියේ නිහඬ බව බිඳින්නට
අනුරාගී නෙතු අඩවන්කර
දඟකාර දෙතොලින්
ඇරයුම් කරනු වස්
රැඳෙන්න මා අසලම
මුළු ලොවම නිදිගත් යාමයේ
නිදි ලොවින් නික් මී
අපේම සුන්දර කැදැල්ල තුල......
සෙනෙහස නොදැණුනු හිතලඟ තනි වී
නුඹෙ නෙතු හැඬුවා මට මතකයි.....
කඳුලක හිරිකඩ සුසුමක දැවටී
හිතමත හැමුවා මට මතකයි.....
අඳුරක තනි වී මැලවුණු නෙතු මත
හිරු කිරණක් වැටුණා මතකයි....
අමාවකට හඳ පායන විලසින්
නුඹ මාවෙත ආවා මතකයි........

සිත් මලුවේ පරවුණු මල් වෙනුවට
සුපිපි නෙලුම් දිලුණා මතකයි.....
පහන් වැට පුරා දැල්වූ පහනින්
සිතක් එලිකලා මට මතකයි....
පුරහඳ රෑ තරු දිලෙනා තරමට
මා නෙතු හැඬුවා මට මතකයි....
මුහුණ හොවා නුඹෙ ලයමත සැතපී
නුදුටු ලොවක් දුටුවා මතකයි.....
ලොවම නිදිගත් යාමයේ
මැකී නොමැකී මගේ නෙතු මත
ඇඳෙන නුඹෙ රූ
සොයා ආවෙමි සිහිනයක සැරිසරා......
ලොවම නිදිගත් යාමයේ

රැය උදාවන තෙක්ම දැවටී
මා ගතේ උණුසුම සොයා
නැවුම් උණුසුම් සුසුම් කැටිකර
මගේ තනියට ලඟ තියා
අඳුර මඟ අහුරා තියෙන තුරු
සිහින අතරේ මා දමා
හෙට දිනේ හිරු රැගෙන එන්නට
අඳුර මැද නුඹ නොපෙනී ගියා...................

ක්ෂිතිජ ඉම රේඛා මතින් පැන
තනිව හිඳිනට අවැසි මුත්
මා සිතට සැනසුම රැගෙන එන්නට
කරමි ආරාධනා.........
ලොවම නිදිගත් යාමයේ

නැගෙන හිරු නුඹයි - පිපෙන මල මමයි
අඳුරු රැය නුඹයි - රැයට තරු මමයි
ගලන ගඟ නුඹයි - විටෙක සැඩ තමයි
වරෙක නිසසලයි - හමායන සුලඟ සේ

සෙනෙහෙ විල නුඹයි - විලට දිය මමයි
මලෙක රොන් නුඹයි - රොනට බිඟු මමයි
සයුරු තෙර නුඹයි - ක්ෂිතිජ ඉම දුරයි
නැගෙන රැලි හැඩයි - නුඹේ හසරැල්ල සේ

කඳුලු බිඳු මකයි - සිනා මල් ගොඩයි
සතුට සුන්දරයි - රැදුනු සිත මගෙයි
දිලෙන සඳු නුඹයි - විටෙක පෙම්බරයි
වරෙක පින්බරයි - අපේ ආදරය සේ