සිතුවිල්ලක වෙලී හුදකලාවක
නුඹේ නෙත් යුග අතර දැවටී
සිනාවක සේයාවක් සොයා
ඇවිද යන්නට
අවසරදුන් ඇසිල්ලක
නවතින්නට සිතුනුමුත්
පවුරු බැඳි එක්ටැමින්
එහා ලොව මට අවැසි නොවුනද
එක්ටැම නුඹට අවැසිවේ නම්
එන්න මා රැගෙන යන්න
නුඹ මා දුටු සිහිනයට
කඳුලකට තනිරකින
පරවුණු හිතක්
නුඹ පමනමයි පිලිසරන
දැන දැන ඇයි පමාවක්
එන්න නවතින්න මොහොතකට
කල්පයක් සේ දැනෙන්නට
නැගෙන හිරු නුඹයි - පිපෙන මල මමයි
අඳුරු රැය නුඹයි - රැයට තරු මමයි
ගලන ගඟ නුඹයි - විටෙක සැඩ තමයි
වරෙක නිසසලයි - හමායන සුලඟ සේ
සෙනෙහෙ විල නුඹයි - විලට දිය මමයි
මලෙක රොන් නුඹයි - රොනට බිඟු මමයි
සයුරු තෙර නුඹයි - ක්ෂිතිජ ඉම දුරයි
නැගෙන රැලි හැඩයි - නුඹේ හසරැල්ල සේ
කඳුලු බිඳු මකයි - සිනා මල් ගොඩයි
සතුට සුන්දරයි - රැදුනු සිත මගෙයි
දිලෙන සඳු නුඹයි - විටෙක පෙම්බරයි
වරෙක පින්බරයි - අපේ ආදරය සේ
anunge deval gannata kalin ahuva nam thamayi honda---
ReplyDeleteim dilshara weerasinghe